Roswell සිදුවීම පාදක කර ගනිමින් ගොඩනැගුන UFO කතාන්තරය ඇත්තද?

ඔබ අප කවුරුත් දන්නා එමෙන්ම අපව විශ්මිත කරවූ අපුරූ කථාවකි පිටසක්වල ජීවීන් අප පෘතුවියට පැමිණීම අළලා ගෙතුන UFO කතන්න්තරය. ඉතින් අප කල්පනා කලා මේ කතන්තරයේ තවත් පැත්තක් ගැන ඔබේ අවධානය යොමු කරවන්නට.


එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් රහසිගත නාසි ගුවන් යානයක් පිළිබදව කරන ලද පර්යේෂණයක් රොස්වෙල් සිද්ධිය පිටු පස ඇති සෑබෑ කුමන්ත්‍රණයක් බව නව ජර්මානු වර්තා වැඩසටහනක්
මගින් පෙන්වා දෙයි.මෙම සිදුවීම වන්නේ 1947 ජූලි මස මුලදීය.‍යමක් මෙම ප්‍රදේශයට කඩාවැටෙන අතර ඇමරිකානු ගුවන් හමුදාව එය කුමක්ද යන්න හදුනා ගැනීමට අපෝසත් වෙයි. ඔවුන් එය පියාඹන පීරිසියක් ලෙස සටහන් කරමින් පුවත්පත් නිවේදනයක්ද ලියා ඇත.ඊළඟ දවසේ ඔවුන් එම ප්‍රකාශය නිවැරදි කිරීමක් ලෙස එය අත්භූත යනයක් නොවන බවත් කාලගුණ බැලුනයක කොටස් බවටත් ප්‍රකශයක් නිකුත් කිරීමෙන් පසුව සියලු දෙනාට එම සිදුවීම අමතක වී ගියේය.

පසුව 1970 ගණන්වල, ජෙසී මාර්සෙල් නම් හමුදා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු පවසන්නේ කාලගුණය බැලූනයේ කතාව බොරුවක් බවයි. ඔහු ප්‍රකාශ කර අන්දමට එම ස්ථානයට මුලින්ම ගිය කෙනෙකුගෙන් එක් අයෙකු වන ඔහු එහි තිබෙනු දුටුවේ කාළගුණ බලුනයක කොටස් නොවන බවයි. මෙම ප්‍රකාශයත් සමග තවත් බොහෝ එය ඇසින් දුටුවා යැයි කියන අය ගොන්නට එක් විය. ඇතමුන් පිටසක්වල ජීවීන්ගේ දේහයන්ද දුටු බව පැවසීය.

අවසානයේදී, දේශපාලනඥයන්ගෙන් හා ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ පවා සොයා බැලීම නිසා එක්සත් ජනපද ගුවන් හමුදාව කියා සිටියේ එය ඉහල අහසේ රැද වූ රහසිගත තොරතුරු සොයා බලන බලූනයක් වන අතර මළ සිරුරු සැබවින්ම අනුරූ (dummies) පමණක් වන බවයි. “UFOs and the Third Reich” යන වාර්තා චිත්‍රපටයට අනුව මෙය ජර්මානුවන් විසින් දෙවන ලෝක යුධ සමයේ පර්යේෂණ කරනලද රහසිගත ගුවන් යානයක් වේ. මෙවැනි පියාබන පීරිසි හැඩති යානා Bell යානා ලෙස හදුන්වයි.මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එහි මෙම සිදුවීම හා මෙම යනා පිලිබදව පිලිගත හැකි ප්‍රමාණවත් සාධක ඉදිරිපත් කර තිබීමයි.

එම යානා ගොඩබෑමට යොදාගත් ව්‍යුහය

මෙම Bell යානා පිලිබදව ජර්මානුවන් පර්යේෂණ කල බවත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙම පර්යේෂණ කල විද්‍යඥයින් බොහෝ දෙනෙකු උතුරු අමෙරිකාව හා වෙනිසියුලාව යන රටවල්වලට පලාගිය බවත් වර්තා වේ. අමෙරිකාව මෙම විද්‍යාඥයින් යොදා ගනිමින් පියාපත් රහිත එක එල්ලේ ඉහලට එසවිය හැකි ගුවන්යාන පිලිබදව පර්යේෂණ කල බවත් පසුව වර්තා වූ UFO මේවා බවත් කියවේ. පසුව අමෙරිකාව නිපද වූ F-117 වැනි අධි තාක්ෂණික ගුවන් යානා වලට පාදක වන්නේද මෙම පර්යේෂණ බව කියවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *