රේඛාව – ලාංකීය සිනමාවේ ප්‍රථම දිගහැරුම

මෙම චිත්‍රපටයේ කතා වස්තුව ගොඩ නැගෙන්නේ එකල ලාංකික ගැමි සමාජය හා එහි පවතින මිත්‍යා විශ්වාස පාදක කර ගනිමින් වේ. මෙය තිර ගත වන්නේ 1956 දී වන අතර ශ්‍රි ලංකාව තුල සම්පූර්ණයෙන්ම රූ ගත කෙරීම් සිදුවූ පලමු චිත්‍රපටය වෙ‍යි.

එමෙන්ම මෙම චිත්‍රපටය ඉන්දිය බලපෑමකින් තොරව නිපද වූ පලමු සිංහල චිත්‍රපටයද වෙයි. මෙම කාල වකවානුවේ තවත් චිත්‍රපට බිහි වුවද ඒවාට දකුණු ඉන්දීය බලපෑම් ඉතා තදින්ම කා වැදී තිබුණි. බොහෝ ඒවායේ සංදර්භය අපට ගැලපෙන ඒවා නොවුනි. මෙම නොගැලපීම කෙතෙක්ද යත් බොහෝ දෙබස් පවා ස්වාභාවික උච්චාරන ස්වරූපයෙන් නොවුනි.

මෙය සිංහල සිනමාවේ අසාහ්‍ය අධ්‍යක්ෂකවරයා වන ආචාර්ය ලෙස්ට ජේම්ස් පීරිස් මහතාගේ පලමු චරිතාංග චිත්‍රපටද වේ. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර වශයෙන්ද පිලිගැනීමට ලක්විය. 1957 වසරේදී කෑන්ස් සිනමා උළෙලේ ප්‍රධාන තරගයටද මෙම චිත්‍රපටය අතුලත් විය. එය තවමත් Palme d’Or සඳහා නම් කෙරුනු ලැබූ එකම චිත්‍රපටය වේ. මෙහි සිනමාරූපණය විලියම් බ්ලේක් විසින් සිදු කරන ලදී. වාණිජමය අතින් මෙම චිත්‍රපටය සාර්ථක නොවුන අතර එයට හේතු වුයේ එවක මිනිසුන් හට චිත්‍රපටයක් යනු කුමක්ද යන සංකල්පය නොවැටහී තිබීමඉ. එවක පටන් අද දක්වාම හොඳම සිංහල චිත්‍රපට අතරින් එකක් බවට පත්ව ඇති අතර මෙය ශ්‍රි ලාංකේය සිනමාවේ උපත ලෙසද සලකනු ලැබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *